Logo
  • LUBRICANTSලාෆ්ස් ගෑස්
  • PETROLIUMලාෆ්ස් ප්‍රෙට්ට්‍රෝලියම්
  • LUBRICANTSලාෆ්ස් ලූබ්රිකන්ට්ස්
  • hydro1ලාෆ්ස් පවර්
  • AUTOගෑස් ඔටෝ ලංකා
  • LUBRICANTSලාෆ්ස් ගෑස් බංගලාදේශ්

ලාෆ්ස් ගෑස්

ගුණාත්මකභාවයෙන් සහ විශිෂ්ඨ සේවාවන් ඔස්සේ පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනූ ලාෆ්ස් ගෑස් ,කොළඹ කොටස් වෙළෙඳපොළ තුල ලියාපදිංචි සමාගමකි. දිවයින පුරා විසිරී පවතින බෙදාහැරීමේ නියෝජිතයන් 31ක් සහ අලෙවි නියෝජිතයන් 6000 කට අධික සංඛ්‍යාවකින් බලගැන්වුණ ශක්තිමත් බෙදාහැරීමේ ජාලය තුලින් ලාෆ්ස් ගෑස් තම ගෘහස්ථ සහ කර්මාන්ත පාරිභෝගිකයන්ගේ LPG අවශ්‍යතා ක්‍රමවත්ව සහ විධිමත්ව සපුරයි.

ගෑස් ඔටෝ ලංකා

ලාෆ්ස් 1994 වසරේදී මෝටර් රථ වාහන සඳහා විකල්ප ඉන්ධන විසඳුමක් ලෙස LPG හඳුන්වාදීමේ පුරෝගාමියෙක් විය. ඒ අනුව ඔටෝ ගෑස් පරිවර්තන කර්මාන්තයට යොමු වුවේ ISO සේවා තත්ව සහතිකද හිමිකරගෙන, එවැනි කේෂේත්‍රකට පියවර තැබූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් බවට පත්වීමේ ගෞරවයද සහිතවයි.

ලාෆ්ස් ප්‍රෙට්ට්‍රෝලියම්

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් අලෙවියේ යෙදී සිටින ප්‍රමුඛතම ආයතනයක් වන ලාෆ්ස් පෙට්ට්‍රෝලියම්, දිවයින පුරා විසිරී පවතින සිය ඉන්ධන පිරවුම්හල් ජාලය ඔස්සේ දෛනිකව පාරිභෝගිකයන් 30,000කට අධික ප්‍රමාණයකට සේවා සපයයි. එසේම ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට භත්‍ක්‍ තාක්ෂණය ඔස්සේ ඉන්ධන සඳහා පහසුවෙන් ගෙවීම් කළ හැකි කාඞ්පතක් හඳුන්වා දෙමින්, ඛණිජ තෙල් අලෙවි කේෂේත්‍රය තුල ලාෆ්ස් පෙට්ට්‍රෝලියම් පුරෝගාමියකු ලෙස සිය මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යයි.

ලාෆ්ස් පවර්

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන්හි නියුතු ලාෆ්ස් පවර් සමාගම සිය කුඩා පරිමාණයේ හයිඩ්‍රෝ බලාගාරයන් තුලින් ජාතික විදුලිබල පද්ධතියට බලශක්තිය සපයයි. එසේම මෙගා වොට් 20ක ධාරිතාවකින් යුත් ශ්‍රීලංකාවේ විශාලතම සූර්ය බලශක්ති බලාගාරය දැනට ගොඩනගමින් පවතින ලාෆ්ස් පවර් සමාගම, එමගින් ගිගා වොට් 34ක් ජාතික විදුලිබල පද්ධතියට වාර්ෂිකව ලබාදීමට අපේක්ෂා කරයි.

ලාෆ්ස් ලූබ්රිකන්ට්ස්

2008 වසරේදී දේශීය ලිහිසි තෙල් කර්මාන්තයට පිවිසි ප්‍රථම ශ්‍රී ලාංකීය සමාගම වන ලාෆ්ස් ලූබ්රිකන්ට්ස් ලිමිටඞ් හඳුන්වාදුන් ලාෆ්ස් ඔයිල් ශ්‍රී ලංකාවේ ප්‍රථම දේශීය ලිහිසි තෙල් සන්නාම නාමය වෙයි. දේශීය වෙළෙඳපොළට විවිධ වර්ගයේ මෝටර් රථ සහ කර්මාන්ත අංශයන් සඳහා වූ ලිහිසි තෙල් නිෂ්පාදන රැසක් උසස් ප්‍රමිතියෙන් සහ ගුණත්වයෙන් යුක්තව ලාෆ්ස් ඔයිල් නාමය යටතේ හඳුන්වාදී ඇත එසේම ලාෆ්ස් ලූබ්රිකන්ට්ස් යටතේ ආරම්භ කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ලිහිසි තාක්‍ෂණ විද්‍යා උද්‍යානය මඟින් ශ්‍රී ලාංකීය අවශ්‍යතාවයන්ට සරිලන නවතම ලිහිසි තෙල් නිෂ්පාදන පෙලක් අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව දේශීය වෙළෙඳපොළ වෙත නිකුත් කරනු ලබයි.

ලාෆ්ස් ගෑස් (බංගලාදේශ්)

ලාෆ්ස් ගෑස් (බංගලාදේශ) සමාගම, වාර්ෂිකව LPG මෙක්ට්‍රික් ටොන් 25000කට අධික ප්‍රමාණයක් ආනයනය කරමින් සහ බෙදාහරිමින් බංගලාදේශයේ LPG බෙදාහැරීමේ නියැලී සිටින විශාලතම සමාගමක් බවට අද පත්ව තිබේ. 1997 වර්ෂයේ දී ඉන්ධන කර්මාන්තයට පිවිසෙමින්, රටපුරා පුළුල් වු බෙදාහැරීමේ ජාලයක් ඔස්සේ අඛණ්ඩව වර්ධනය වෙමින් වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 31කට අධික ආදායමක් එමගින් උපයයි. බංගලාදේශයේ මොන්ග්ලා වරාය ආශිතව පීහිටි මෙක්ට්‍රික් ටොන් 1800ක ප්‍රමාණයක ධාරිතාවයකින් යුක්ත ආනයන, ඇසුරුම් සහ බෙදාහැරීමේ පර්යන්තයක් ලාෆ්ස් ගෑස් (බංගලාදේශ) සමාගම සතුය.

SLOGAL Energy DMCC

Headquartered in Dubai, SLOGAL Energy DMCC was set up to further strengthen LAUGFS' global energy presence. With a primary focus on energy trading, SLOGAL also offers a broad portfolio of maritime services including acquiring, managing, operating and chartering of LPG vessels.

gradient

Powering growth with new energy frontiers

LAUGFS’s pioneering vision and strong focus on supporting the growing energy needs of the country have propelled our expansion into what we are today.... an energy conglomerate powering growth of nations.