backgrounf img

ප්‍රමුඛ ව්‍යාපාර කේෂේත්‍ර ගණනාවක් ඔස්සේ සාර්ථකව විවිධාංගීකරණය වූ ශ්‍රී ලංකාවේ විශාලතම සහ විශ්වාසනීයම ව්‍යාපාර සමුහයක් ලෙස ලාෆ්ස් සමුහ ව්‍යාපාරය හැඳින්වේ. 1995 වර්ෂයේ දී ආරම්භ කළ ලාෆ්ස් ව්‍යාපාර සමූහය තුල මේ වන විට වෘත්තීය නිපුනත්වයෙන් පිරිපුන් සේවක සේවිකාවන් 4000කට අධික පිරිසක් සේවය කරන අතර, වාර්ෂිකව රුපියල් බිලියන 28කට අධික පිරිවැටුමක් උත්පාදනය කරයි. බලශක්ති, සිල්ලර වෙළෙඳාම්, කර්මාන්ත, හෝටල් සහ සංචාරක සේවා, ප්‍රවාහන සහ සැපයුම් කටයුතු, දේපොළ වෙළෙඳාම් යන විවිධ ව්‍යාපාර කර්මාන්ත අංශ 20කට අධික ප්‍රමාණයකට ව්‍යාප්තව ඇති ලාෆ්ස් සමුහ ව්‍යාපාරය, මිලියන ගණනක් පාරිභෝගිකයන්ගේ විශ්වාසනීයත්වය ඉහළින්ම දිනූ සැබෑ ශ්‍රී ලාංකීය සමාගමකි.

loign background

සභාපතිතුමාගේ පණිවිඩය

සැබෑ ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් සහිත දේශීය ව්‍යාපාරයක් ගොඩනැගීමේ අධිඨනක් ලාෆ්ස් හි අප හට සෑමවිටම තිබුණි. අපගේ මෙම ආශාව ඉතා කෙටි කාල පරාසයක් තුල ඉටුකර ගතහැකි වූයේ ලාෆ්ස් ශ්‍රී ලංකාවේ දැවැන්තම විවිධාංගීකරණයවූ ව්‍යාපාර සමූහයක් බවට පත්කර ගැනීමෙනි. අවස්ථා ක්‍ෂණිකව ග්‍රහනය කරගෙන ඒ ඔස්සේ විශිෂ්ඨ ව්‍යාපාර ගොඩනැගීමට අපට ඇති හැකියාව තුලින් දැවැන්ත ව්‍යාපාර සමූහයක් දේශයට දායාද කිරීමට හැකිවීම පිලිබඳව ලාංකීය සමාගමක් ලෙස අප මහත් ආඩම්බර වෙමු.

~ ඩබ්ලිව්. කේ. එච් වෑගපිටිය ~

gradient
bw