backgrounf img

ප්‍රමුඛ ව්‍යාපාර කේෂේත්‍ර ගණනාවක් ඔස්සේ සාර්ථකව විවිධාංගීකරණය වූ ශ්‍රී ලංකාවේ විශාලතම සහ විශ්වාසනීයම ව්‍යාපාර සමුහයක් ලෙස ලාෆ්ස් සමුහ ව්‍යාපාරය හැඳින්වේ. 1995 වර්ෂයේ දී ආරම්භ කළ ලාෆ්ස් ව්‍යාපාර සමූහය තුල මේ වන විට වෘත්තීය නිපුනත්වයෙන් පිරිපුන් සේවක සේවිකාවන් 4000කට අධික පිරිසක් සේවය කරන අතර, වාර්ෂිකව රුපියල් බිලියන 28කට අධික පිරිවැටුමක් උත්පාදනය කරයි. බලශක්ති, සිල්ලර වෙළෙඳාම්, කර්මාන්ත, හෝටල් සහ සංචාරක සේවා, ප්‍රවාහන සහ සැපයුම් කටයුතු, දේපොළ වෙළෙඳාම් යන විවිධ ව්‍යාපාර කර්මාන්ත අංශ 20කට අධික ප්‍රමාණයකට ව්‍යාප්තව ඇති ලාෆ්ස් සමුහ ව්‍යාපාරය, මිලියන ගණනක් පාරිභෝගිකයන්ගේ විශ්වාසනීයත්වය ඉහළින්ම දිනූ සැබෑ ශ්‍රී ලාංකීය සමාගමකි.

loign background

කළමනාකරණ අධ්‍යක්ෂකතුමාගේ පණිවිඩය

මීට දශක දෙකකට පමණ පෙර සනිටුවහන් වුණ ලාෆ්ස් සමාගමේ නිහතමානී ආරම්භයේ සිටම ශ්‍රී ලාංකීය ව්‍යාපාර කේෂේත්‍රය තුල සුවිශේෂි අංශ රැසක් නිර්මාණය කරමින් ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් තුල විශ්වසනීය නාමයක් ගොඩනගා ගැනීමට ලාෆ්ස් හි අප හට හැකිවිය. අපගේ මෙහෙයුම් ක්‍රියාවලීන් පරිපූර්ණත්වයෙන් සහ වගකීමෙන් සිදුකිරීමට අප සෑමවිටම කටයුතු කරමු. ලාෆ්ස් සමාගම ගෞරවනීය සහ විශිෂ්ඨ ව්‍යාපාර සමුහයක් බවට පත්වීමට එම සුවිශේෂ ව්‍යාපාර දර්ශනය අප හට මහඟු පිටුවහලක් වූ බව නොඅනුමානය.

~ යු. කේ . තිලක් ද සිල්වා ~

gradient
bw