Logo

ව්‍යාපාරික යහපාලනය

ශ්‍රී ලංකා සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව හා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය සමඟ එක්ව සම්පාදනය කර ඇති ව්‍යාපාර ආයතනික යහපාලනය සම්බන්ධ නියැලූම් පද්ධතිය (Code of Best Practices on Corporate Governance) සහ එංගලන්ත ව්‍යාපාර ආයතනික යහපාලන පද්ධතිය ඔස්සේ ගොඩනැගුණු යහපාලන මුලධර්ම සහ ප්‍රමිතීන්ට අනුගතවී අපගේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යනු ලබයි.
අප අධ්‍යක්‍ෂක මණ්ඩලය සමාගමෙහි තිරසාර සංවර්ධනය අපගේ කොටස්කරුවන්, සංස්ථාපිත ආයතන සහ සියලු පාර්ශවකරුවන් හට තහවුරු කරන අතර ආයතනික යහපාලන අවකාශය ශක්තිමත්ව ස්ථාපනය කරමින් අපගේ ආයෝජකයන්ගේ විශ්වාසය සහ ආයෝජනයන්හි ආරක්‍ෂාව තහවුරු කිරීමට කටයුතු කරයි.

ව්‍යාපාරික යහපාලන ව්‍යුහය

බාහිර සහ අභ්‍යන්තර ව්‍යුහයන්ගේ ප්‍රධාන අංග විශ්ලේෂණය කරමින් අපගේ ව්‍යාපාර පාලන රාමුව සකස්කර ඇති අතර ආයෝජකයන්ගේ ආරක්ෂාව සහ කොටස් හිමියන්හට උපරිම ප්‍රතිලාභයක්ද, සමාගමේ තිරසාර සංවර්ධනයද තහවුරු කිරීම උදෙසා අදාල ව්‍යාපාරික යහපාලන රාමුව කළමනාකරණ පද්ධතියට අනුගතකර තිබේ.

අධ්‍යක්ෂක මණ්ඩලය සමාගම් පනත2007 අංක 07 දරණ 2013 සාංගමික යහපාලනසඳහා වූ භාවිත සංග‍්‍රහය පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ,නීති, නියාමන, නිර්ණයන්, මඟපෙන්වීම්පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දේශීය ආදායම් පනත2006 අංක 10 දරණ වෙනත් ව්‍යවස්ථා බාහිර විගණනය අවදානම් සහ පාලන ආයතනික සංග්‍රහය ආචාර ධර්ම පද්ධතිය අභ්‍යන්තර බාහිර Business & Operations Finance Environment Reputation 1. Production & Process2. Safety3. Market4. Human Resources5. Information Technology 6. Foreign Exchange Risk and Interest Rate Risk7. Liquidity Risk8. Credit Risk 9. Economical, Political, Legal, Social 11. Quality Board of Directors Managing Director Head SustainabilityCommitteeCEO, LAUGFS Gas CEOLAUGFS Eco Sri General ManagerLAUGFS Leisure Chief FinancialOfficer Group GeneralManager - HRD Head of CorporateCommunications AGM BusinessCoordination

අධ්‍යක්ෂක මණ්ඩලය

නියාමන සහ නිත්‍යානුකූල රාමුවක් සහ ඉතා ඉහල ආචාර ධර්ම පද්ධතියක් ඔස්සේ ව්‍යාපාර සහ අනෙක් ආයතනික කටයුතු පවත්වා ගනිමින් කොටස්හිමියන් සඳහා තිරසාර අගයක් නිර්මාණය කිරීමට සහ පිරිනැමීමට අධ්‍යක්ෂකවරුන් කොටස් හිමියන්ට වගකීම දරයි.

ආයෝජකයන්ගේ ආරක්ෂාව සහ සියලුම පාර්ශවයන්ගේ විශ්වාසය තහවුරු කරමින් ව්‍යාපාරයේ තිරසාර පැවැත්ම ස්ථාපිත කිරීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන උපක්‍රමික ව්‍යාපාර සැලසුම් සැකසීම සහ විශ්ලේෂණය කිරීම මෙන්ම අනෙකුත් කටයුතු සඳහා කළමනාකරණයට අත්‍යවශ්‍ය මඟපෙන්වීම් සපයමින් අයවැය සැලසුම්කරණය, මානව සම්පත් කළමනාකරණ පද්ධති විමර්ශනය, ව්‍යාපාර ආයතනික යහපාලනය, ව්‍යවස්ථානුකූල අනුකූලතා, අභ්‍යන්තර විගණනය සහ සමෝධානිත අවදානම් කළමනාකරණයට සහයෝගය දැක්වීම, ප්‍රධාන සහ සුවිශේෂ ආයෝජන අනුමත කිරීම සහ විමර්ශනය වැනි පුළුල් කටයුතු උදෙසා ව්‍යවසායකත්ව නායකත්වයද උපක්‍රමික දිශානතියද අධ්‍යක්ෂක මණ්ඩලය සපයයි. අධ්‍යක්ෂ මණ්ඩලය එම ව්‍යාපාර උපක්‍රම විමර්ශනය සහ විශ්ලේෂණය කාලානුකූලව සිදුකරයි.

අධ්‍යක්ෂක මණ්ඩලය විවිධ දක්ෂතා සහ මනා වෘත්තීය අත්දැකීම් සමූහයකින් යුක්තවීම පිළිබඳ ලාෆ්ස් ව්‍යාපාර සමුහය අවධානය යොමුකරයි. අභ්‍යන්තර අවදානම් සහ පාලන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන නිර්දේශ කිරීම්වලට අනුව අඛණ්ඩ පදනමක් මත ආයතනික අභ්‍යන්තර පාලන පද්ධතිය සහ එහි සඵලදායිත්වය විශ්ලේෂණය පිළිබඳ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් වගකීමක් දරයි. මෙම අභ්‍යන්තර පාලන පද්ධතිය ආයතනික ව්‍යාපාර කටයුතුවල අවදානම් සහ අනෙක් කටයුතු කළමනාකරණය කරන අතර ව්‍යාපාර තීරණ පිළිබඳ මුල්‍ය තොරතුරුවල විශ්වාසනීයත්වයද තහවුරු කරයි. එසේම ප්‍රකාශිත මුල්‍ය තොරතුරු වල අවංකභාවය සහ නිරවද්‍යතාවය මෙන්ම මුල්‍ය පාලනයේ සහ අවදානම් කළමනාකරණ පද්ධතියේ සඵලදායිත්වය පිලිබඳ අධ්‍යක්ෂ මණ්ඩලයේ පූර්ණ තෘප්තිමත් බව ප්‍රකාශ කරයි.

අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් සාමූහිකව සහ පුද්ගලිකව සමාගමට අදාළ නිත්‍යානුකුල සහ නියාමන කොන්දේසිවලට අනුකූලව තම කටයුතු කිරීමට වගකීම දරයි. එසේම එම සමාගම සහ අනුබන්ධ සමාගම් වලට අදාල නිත්‍යානුකූල සහ නියාමන කොන්දේසිවලට වලට අනුකූලව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාපටිපාටි සහ ක්‍රිරියාමාර්ග සුදුසු ලෙස ස්ථාපනය කිරීමද තහවුරු කරයි.

අධ්‍යක්ෂවරුන් ව්‍යාපාර උපක්‍රම, කාර්යසාධනය, සම්පත් උපයෝජනය සහ ව්‍යාපාර ක්‍රියාකාරීත්වය සම්බන්ධ ව්‍යාපාර කළමනාකාරීත්වය ඉදිරිපත් කරන යෝජනා සහ නිර්දේශයන් ස්වාධීනව සහ විචක්ෂණශීලිව සලකා බැලීමට අධ්‍යක්ෂක මණ්ඩලය වෙනුවෙන් අධ්‍යක්ෂකවරුන් වගකීම දරයි. වෘත්තිය දැනුම සහ අත්දැකීම පදනම් කරගෙන ස්වාධීන විශ්ලේෂන මත පදනම්ව අධ්‍යක්ෂකවරුන් හට අදහස් ඉදිරිපත් කිරීමට සුදුසු පරිසරයක් අධ්‍යක්‍ෂක මණ්ඩලය විසින් සකසා ඇත.

අධ්‍යක්ෂක මණ්ඩල ක්‍රමවේදයන් සහ යෝග්‍ය නීති සහ නියාමන පිළිබඳ පැහැදිලි කරගැනීිමට අවශ්‍ය අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන්හට සමාගම් ලේඛම්වරයාගේ උපදෙස් සහ සේවාවන් ලබා ගැනීමට අවස්ථාව ඇත. එමෙන්ම අධ්‍යක්ෂ මණ්ඩලයට කාර්යක්ෂමව සහ සඵලදායිව තීිරණ ගැනීමට අවශ්‍ය සියලූ තොරතුරු කාලීන ලෙස අධ්‍යක්ෂ මණ්ඩල පත‍්‍රිකා, තොරතුරු පත‍්‍රිකා සහ වාර්තා මඟින් සපයයි.

රුචිකත්ව සංඝට්ටනය

අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්ගේ ස්වාධීනත්වය සහ ගන්නා තීරණයන් හට අයුතු ලෙස බලපෑම් කරන සත්‍ය හෝ විභව සංඝට්ටනයක්, බාහිර සම්බන්ධතාවයන් සහ පුද්ගලික සම්බන්ධතාවයන්, බැඳීම්, අයිතීන්, අභිරුචියන්, සහ පොරොන්දු තුලින් පැන නගින්නේ නම් එය හෙලි කිරීමට අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයින් බැඳීසිටියි.

කලානුරූපීව මතුවෙන රුචිකත්ව සංඝට්ටනයන් විමර්ශෂනය කිරීමට අධ්‍යක්ෂක මණ්ඩලය කටයුතු කරනු ඇත.

අභ්‍යන්තර පාලන පද්ධතිය

ව්‍යාපාර සමුහ අවදානම් සහ පාලන අංශයෙහි සම්බන්ධවීමෙන් සමාගමේ වත්කම් ආරක්ෂා කිරීමට මෙන්ම නිවැරදි ගිණුම් වාර්තා තබාගනිමින් අදාළ ගිණුම් කරන ප්‍රමිතීන්ට අනුව කළමනාකරණ තොරතුරු සපයන සියලු පද්ධතීන් ස්ථාපනය කිරීමටත් ඒවා අවශ්‍ය ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය සියළු ක්‍රිරියාමාර්ග සහ පියවර අධ්‍යක්‍ෂක මණ්ඩලය ගෙන ඇත.

සභාපතිතුමාගේ සහ කළමණාකාර අධ්‍යක්ෂකතුමන්ගේ ඝෘජු සුපරීක්ෂණය යටතේ අභ්‍යන්තර විගණන කණ්ඩායම මඟින් සමාගමේ සහ අනු සමාගම් වල අවදානම් විමර්ශණ වැඩසටහන අභ්‍යන්තර විගණනයකින් ආවරණය කරයි.

සියළු සේවක සේවිකාවන්ට හඳුන්වාදී ඇති ආචාර ධර්ම පද්ධතිය තුලින් අවංකභාවය අපක්ෂපාතීබව, සැලකිලිමත්බව, වානිජ මිල සම්බන්ධ සංවේදී තොරතුරුවල රහස්‍යභාවය රැකීම, යෝග්‍ය නීති සහ රෙගුලාසි වලට අනුකූලව වැඩ කිරීම, සමාගමේ වත්කම් ආරක්ෂා කිරීම මෙන්ම තමාගේ සහ සමාගමේ ප්‍රතිරූපයට හානිදායකවන කටයුතුවලින් වැළකී සිටීම නියම කර ඇත. රුචිකත්ව ඝංඝට්ටනය, අල්ලස් සහ දුෂණය, ත්‍යාග සහ සංග්‍රහ, නිරවද්‍ය ගිණුම්කරණය සහ තොරතුරු පවත්වාගෙන යාම, ව්‍යාපාරික අවස්ථා රහස්‍යභාවය, සාධාරණ ගනුදෙනුකිරීම, ආයතනික සම්පත් නිසි ලෙස භාවිතය සහ ආරක්‍ෂාව, නීති රීති සහ රෙගුලාසිවලට අනුකුලවී කටයුතු කිරීම මෙන්ම සාදාචාර විරෝධී සහ නිත්‍යනුකූල නොවන හැසිරිම් වර්තා කිරීමද මෙම ආචාර්ය ධර්ම පද්ධතියෙන් ආවරණය කරයි.





අවදානම් කළමනාකරණය

ලාෆ්ස් සමාගම විවිධ කේෂේත්‍රයන්ට විවිධාංගීකරණය වීමේදී අවදානම් කළමනාකරණය ඉතා වැදගත් කාර්යභාරයක් සිදුකරයි. ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වාසනීය සහ පිලිගත් දේශීය බහුජාතික සමාගම බවට පත්වීමේ අපගේ දිගුකාලීන අරමුණ සාක්ෂාත් කරගැනීමට යන ගමනේදී අප කොටස් හිමියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට, අවදානම් අඩු කිරීමට සහ අවදානම් ඉවත් කිරීම උදෙසා ප්‍රමුඛ අවදානම් හඳුනාගැනීම සහ ඒවා සඵලදායීව කළමනාකරණය කිිරීම අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය ඔස්සේ සිදු වේ.
අවදානම් විශ්ලේෂණය කිරීම, අවදානම් අඩුකිරීමට සහ ඉවත් කිරීමට උපක්‍රම දියත් කිරීම සහ ඉදිරියේදී සමාගමට මුහුණදීමට සිදුවිය හැකි විභව අවදානම් පිළිබඳව පෙර දැනුම්දීම් සිදුකිරීමට පද්ධතියක් සංවර්ධනය කිරීම වැනි දෑ ඇතුළත් ආයතනික අවදානම් කළමනාකරණයක් (ERM) ලාෆ්ස් සමූහ ව්‍යාපාරය අනුගමනය කරයි.
බාහිර පරිසර, වෙළෙඳපොළ සහ ආයතනික අභ්‍යන්තර අක්‍රමිකතා ඔස්සේ සිදුවිය හැකි හානීන්ගෙන් ව්‍යාපාරය ආරක්ෂා කරගැනීම අවදානම් කළමනාකරණ ක්‍රියාවලීන්ගේ ප්‍රධාන අරමුණ වේ. මෙම අවදානම් අඩුකරමින් අඛණ්ඩව ලාෆ්ස් සමුහයට අයත් සමාගම් පවත්වාගෙන යාමට යොමු ගතවී ඇත. ගිනි හෝ අනතුරු වැනි හානිදායක සිදුවීම්වලින් අපගේ සේවක සේවිකාවන්, පාරිභෝගිකයන් සහ සාමාන්‍ය ජනතාව ආරක්ෂාකර ගැනීමටත්, දත්ත, වාර්තා සහ අනෙක් භෞතික වත්තම්වලට වන හානිවීම්වලින් ඒවා අරක්ෂාකර ගැනීමටත් අවදානම් කළමනාකරණය නිර්මාණය වී ඇත. පරිපූර්ණ සහ විධිමත් දැනුමකින් ව්‍යාපාර කටයුතු, විචලනයන්, ව්‍යාපෘති අවස්ථා සහ තර්ජන අවබෝධ කරගෙන ව්‍යාපාර තීරණ වැඩි දියුණු කිරීමට, සැලසුම්කරණයට සහ ප්‍රමුඛත්වයන් ලබාදීමට අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය ව්‍යාපාර සමූහයට යෝග්‍ය රාමුවක් ලබාදෙමින් අනාගත කටයුතු අඛණ්ඩව සහ කිසියම් පාලන ක්‍රමවේදයක් යටතේ පවත්වාගෙන යෑමට උපකාර වේ.

    අවදානම් කළමනාකරණ ක්‍රියාවලියන් සහ උපක්‍රම

    ව්‍යාපාර සමූහයට බලපෑමක් වන අභ්‍යන්තර සහ බාහිර අවදානම් හඳුනාගැනීම සේම එම අවදානම් අවම කර ඒවාට සාර්ථකව මුහුණදිමට සැලසුම් සකස් කිරීම අවදානම් කළමනාකරණයේ අරමුණ වේ. සමාගමට බලපෑමක් එල්ල විය හැකි අභ්‍යන්තර සහ බාහිර අවදානම් පිළිබඳව සමුහ අවදානම් සහ පාලන අංශය නිරන්තරයෙන් සොයා බලයි.

    අවදානම් කළමනාකරණයට සමාගම යොදාගන්නා උපක්‍රම, අවදානමේ ස්වභාවය සහ එහි බලපෑමේ ප්‍රමාණය මත තීරණය වේ. ඒවා පහත සංක්‍ෂිප්තව සඳහන් කර ඇත,

    • අවදානම් බලපෑම පිළිගෙන ඊට අදාල පිරිවැය නිර්නය කිරීම.
    • ඇතිවිය හැකි අවදානම් මඟහැරිම.
    • අවදානම වෙනත් පාර්ශවයකට පැවරීම.