backgrounf img

ප්‍රමුඛ ව්‍යාපාර කේෂේත්‍ර ගණනාවක් ඔස්සේ සාර්ථකව විවිධාංගීකරණය වූ ශ්‍රී ලංකාවේ විශාලතම සහ විශ්වාසනීයම ව්‍යාපාර සමුහයක් ලෙස ලාෆ්ස් සමුහ ව්‍යාපාරය හැඳින්වේ. 1995 වර්ෂයේ දී ආරම්භ කළ ලාෆ්ස් ව්‍යාපාර සමූහය තුල මේ වන විට වෘත්තීය නිපුනත්වයෙන් පිරිපුන් සේවක සේවිකාවන් 4000කට අධික පිරිසක් සේවය කරන අතර, වාර්ෂිකව රුපියල් බිලියන 28කට අධික පිරිවැටුමක් උත්පාදනය කරයි. බලශක්ති, සිල්ලර වෙළෙඳාම්, කර්මාන්ත, හෝටල් සහ සංචාරක සේවා, ප්‍රවාහන සහ සැපයුම් කටයුතු, දේපොළ වෙළෙඳාම් යන විවිධ ව්‍යාපාර කර්මාන්ත අංශ 20කට අධික ප්‍රමාණයකට ව්‍යාප්තව ඇති ලාෆ්ස් සමුහ ව්‍යාපාරය, මිලියන ගණනක් පාරිභෝගිකයන්ගේ විශ්වාසනීයත්වය ඉහළින්ම දිනූ සැබෑ ශ්‍රී ලාංකීය සමාගමකි.

loign background
  • LUBRICANTS ලාෆ්ස් හෝටල් සහ සංචාරක

ලාෆ්ස් හෝටල් සහ සංචාරක

2014 වසරේ දී ලාෆ්ස් සමාගම සිය ප්‍රථම සුඛෝපභෝගී හෝටලය වන අනන්තය රිසෝට් සහ ස්පා (Anantaya Resort & Spa)හලාවත කලපුව සහ ඉන්දියානු සාගරය අතර දර්ශනීය ස්ථානයක ඉඳිකරන ලදි. සුඛෝපභෝගි කාමර 87කින් සමන්විත මෙම හෝටලය ස්වභාවික පරිසරයේ සෞම්‍ය සමඟ මුසුවූ සුන්දර අත්දැකීමක් අමුත්තන්ට පිරිනමයි.

gradient
bw