backgrounf img

ප්‍රමුඛ ව්‍යාපාර කේෂේත්‍ර ගණනාවක් ඔස්සේ සාර්ථකව විවිධාංගීකරණය වූ ශ්‍රී ලංකාවේ විශාලතම සහ විශ්වාසනීයම ව්‍යාපාර සමුහයක් ලෙස ලාෆ්ස් සමුහ ව්‍යාපාරය හැඳින්වේ. 1995 වර්ෂයේ දී ආරම්භ කළ ලාෆ්ස් ව්‍යාපාර සමූහය තුල මේ වන විට වෘත්තීය නිපුනත්වයෙන් පිරිපුන් සේවක සේවිකාවන් 4000කට අධික පිරිසක් සේවය කරන අතර, වාර්ෂිකව රුපියල් බිලියන 28කට අධික පිරිවැටුමක් උත්පාදනය කරයි. බලශක්ති, සිල්ලර වෙළෙඳාම්, කර්මාන්ත, හෝටල් සහ සංචාරක සේවා, ප්‍රවාහන සහ සැපයුම් කටයුතු, දේපොළ වෙළෙඳාම් යන විවිධ ව්‍යාපාර කර්මාන්ත අංශ 20කට අධික ප්‍රමාණයකට ව්‍යාප්තව ඇති ලාෆ්ස් සමුහ ව්‍යාපාරය, මිලියන ගණනක් පාරිභෝගිකයන්ගේ විශ්වාසනීයත්වය ඉහළින්ම දිනූ සැබෑ ශ්‍රී ලාංකීය සමාගමකි.

loign background
  • LUBRICANTS ලාෆ්ස් ඉකෝ ශ්‍රී
  • AUTO ලාෆ්ස් කාර් කෙයාර්

ලාෆ්ස් ඉකෝ ශ්‍රී

ශ්‍රී ලංකාවේ ප්‍රථම වාහන දුම් පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථානය ගම්පහදී ආරම්භ කළ ලාෆ්ස් ඉකෝ ශ්‍රී පුද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ වායු ගුණත්ව කළමනාකරණයේ පුරෝගාමි ආයතනයකි. ගුණාත්මකභාවයෙන් යුතු හරිත ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන එය, රජයේ අනුමැතියලත් වාහන දුම් පරීක්ෂා කිරීමේ වැඩසටහන (VET)යටතේ ශ්‍රී ලංකාව පුරා පිහිටවූ ස්ථීර මධ්‍යස්ථාන 100 කින් සහ ස්ථාන 150ක් හරහා කිරියාත්මක වන ජංගම පරීක්ෂණ මධ්‍යස්ථාන රැසකින් කිරියාත්මක වේ.

ලාෆ්ස් කාර් කෙයාර්

ලාෆ්ස් ලූබ්රිකන්ට්ස් සමාගමේ අනු ව්‍යාපාර අංශයක් වන ලාෆ්ස් කාර් කෙයාර් සමාගම එහි විශිෂ්ඨත්වයෙන් සහ ගුණාත්මකභාවයෙන් යුත් සේවාවන් ඔස්සේ ශ්‍රී ලාංකීය මෝටර් රථ පදවන්නන්ගේ විශ්වාසය දිනූ ප්‍රමුඛ නාමයක් බවට පත්ව ඇත. දක්ෂ කාර්මික කණ්ඩායමකින් සැදුම්ලත් ලාෆ්ස් කාර් කෙයාර් මධ‍්‍යස්ථාන, වාහන සඳහා සුවිශේෂී නිෂ්පාදන සහ සේවා රැසක් තම පාරිභොගිකයන් සඳහා සපයයි.

gradient
bw