backgrounf img

ප්‍රමුඛ ව්‍යාපාර කේෂේත්‍ර ගණනාවක් ඔස්සේ සාර්ථකව විවිධාංගීකරණය වූ ශ්‍රී ලංකාවේ විශාලතම සහ විශ්වාසනීයම ව්‍යාපාර සමුහයක් ලෙස ලාෆ්ස් සමුහ ව්‍යාපාරය හැඳින්වේ. 1995 වර්ෂයේ දී ආරම්භ කළ ලාෆ්ස් ව්‍යාපාර සමූහය තුල මේ වන විට වෘත්තීය නිපුනත්වයෙන් පිරිපුන් සේවක සේවිකාවන් 4000කට අධික පිරිසක් සේවය කරන අතර, වාර්ෂිකව රුපියල් බිලියන 28කට අධික පිරිවැටුමක් උත්පාදනය කරයි. බලශක්ති, සිල්ලර වෙළෙඳාම්, කර්මාන්ත, හෝටල් සහ සංචාරක සේවා, ප්‍රවාහන සහ සැපයුම් කටයුතු, දේපොළ වෙළෙඳාම් යන විවිධ ව්‍යාපාර කර්මාන්ත අංශ 20කට අධික ප්‍රමාණයකට ව්‍යාප්තව ඇති ලාෆ්ස් සමුහ ව්‍යාපාරය, මිලියන ගණනක් පාරිභෝගිකයන්ගේ විශ්වාසනීයත්වය ඉහළින්ම දිනූ සැබෑ ශ්‍රී ලාංකීය සමාගමකි.

loign background
  • LUBRICANTS ලාෆ්ස් ඉංජිනියරින්
  • AUTO ලාෆ්ස් සෝල්ට් ඇන්ඞ් කෙමිකල්ස්
  • finance ලාෆ්ස් කෝපරේෂන් (රබර්)

ලාෆ්ස් ඉංජිනියරින්

ලාෆ්ස් ඉංජිනියරින් ගොඩනැගිලි ඉඳිකිරීම, වානේ ආකෘති නිර්මාණය සහ ස්ථාපනය සේම ඉහල ධාරිතාවයකින් යුත් LPG ඉන්ධන ගබඩා ටැංකි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුුකූලව නිර්මාණය කිරීම සහ නිෂ්පාදනය සඳහා කීර්තිමත් සහ විශ්වාසනීය සමාගමක් වේ. එහි අති නවීන නිෂ්පාදනාගාරය මාබිම පිහිටා ඇත.

ලාෆ්ස් සෝල්ට් ඇන්ඞ් කෙමිකල්ස්

ආයෝජන මණ්ඩලයේ අනුමත සමාගමක් වන ලාෆ්ස් සෝල්ට් ඇන්ඞ් කෙමිකල්ස් සමාගම ලූණු සහ ලුණු ආශිත නිෂ්පාදනයන්හි නියැලී සිටී. හම්බන්තොට, චිත්ත‍්‍රාගල ප්‍රදේශයේ අක්කර 110ක භූමි ප්‍රමාණයක ලූණු නිෂ්පාදන කටයුතු සිදුකරන අතර, එහි ලූණු නිෂ්පාදනයට සහ ලූණු ආශි‍ත රසායනික නිෂ්පාදන සිදුකිරීමේ සැලසුමක්ද සහිතව කර්මාන්ත ශාලාවක් දැනට ඉදිකරමින් පවතී.

ලාෆ්ස් කෝපරේෂන් (රබර්)

2008 වසරේදී ආරම්භ වූ ලාෆ්ස් කෝපරේෂන් (රබර්) සමාගම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ටයර් රැසක් නිෂ්පාදනය කරන ශ්‍රී ලංකාවේ විශාලතම ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් කිරියාත්මක කරයි. ලාෆ්ස් ටයර් සමාගම තම නිෂ්පාදන ඇමෙරිකාව, කැනඩාව, ස්පාඤ්ඤය, ඉතාලිය, ප්‍රංශය , බෙල්ජියම, රුසියාව, මැද පෙරදිග, සිංගප්පුරුව සහ ඉන්දියාව වැනි රටවල් 25කට අධික ප්‍රමාණයට අපනයනය කරයි.

gradient
bw