Logo

ප්‍රතිපත්ති සහ දැක්ම

අපගේ ව්‍යාපාර තීරණ ගැනීමේදී පාරිසරික, සාමාජීය සහ ආර්ථීක තිරසාර පැවැත්ම තහවුරු කිරීම පිළිබඳව විශේෂ අවධානයක් අප යොමුකරමු. තිරසාර පැවැත්ම උදෙසා වන අපගේ කැපවීම පාරිසරික, සාමාජීය සහ ආර්ථීක බලපෑම්ද අපගේ පාර්ශවකරුවන්හට ප්‍රතිලාභ ගෙනඒම උදෙසා ඇති වගකීම්ද ඉක්මවා ගොසින් ලාෆ්ස් සමාගමෙහි අනාගත තිරසාර පැවැත්ම සහතික කිරීම සඳහා කටයුතු කිරීම තුල අනුගතවී ඇත. අපගේ ව්‍යාපාර ආයතන තුළ සේම අප ක්‍රියාත්මක වන කර්මාන්ත තුළත් තිරසාර පැවැත්ම උදෙසා අවශ්‍ය කටයුතු නොපිරිහෙලා ඉටුකරමින්, ශක්තිමත්ව තිරසාර පැවැත්මක් වටා ගොඩනැගුණු සංස්කෘතියක් අප ආයතනය තුල නිර්මාණය කරමින්, ඒ සඳහා වූ අපගේ අරමුණු සහ පරමාර්ථ ඉක්මවා යමින් අපි කටයුතු කරමු. තිරසාර පැවැත්ම සඳහා මුළු දේශයටම ආදර්ශයක් වීම ඉලක්ක කරගෙන අපි අපගේ දැක්ම සඳහා හඹා යන්නෙමු.

තිරසාර පැවැත්ම උදෙසා වන කමිටුව

අප සමාගමේ ඉහළ වගකීමක් දරණ සමාජිකයන්ගේ එකතුවකින් අපගේ තිරසාර පැවැත්ම උදෙසා වන කමිටුව සැකසී ඇත. එමගින් අධ්‍යක්ෂක මණ්ඩලයේ මඟපෙන්වීම අනුව වාර්ෂික කටයුතු සහ දිගුකාලීන උපක්‍රම සැලසුම් කරනු ලබයි.