Logo

ව්‍යාපෘති සහ වැඩසටහන්

ව්‍යාපෘති

  • තැලිසීමියා රෝගයෙන් පෙලෙන සාමාජිකයින් සහිත පවුල් සඳහා මුල්‍යාධාර ලබාදීම.
  • පිළිකා රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර සපයන ආයුර්වේද වෛද්‍යවරුන්ට අඛණ්ඩව LPG ලබාදීම.
  • වාහන දුම් පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළ වැඩසටහනෙහි වෙළෙඳ දැන්වීම් පිරිවැය සඳහා දායකවීම.
  • ලේ දන්දීමේ කඳවුරක් සහ වැඩිහිටි පුද්ගලයන් සඳහා සායනයක් ඉකෝ ශ්‍රී මධ්‍යස්ථානවල පැවැත්වීම.
  • අම්පාර කූඩලගල මහා විද්‍යාලය සහ අම්පාර හීනනීගල උතුර මහා විද්‍යාලයට පිරිසිදු පානීය ජල ව්‍යාපෘතියෙන් දායකවීම.


ලාෆ්ස් පවුලේ සුභසාධක සංගමය

අපගේ සාමාජීකයන්ගේ නොයෙකුත් සාමාජීය, සංස්කෘතික සහා සුභසාධන ක්‍රියාකාරකමි සඳහා දායකත්වය ලබා දීමට අපගේ ලාභයෙන් කොටසක් අප නිරතුරුවම වෙන්කර ඇත. අපගේ සාමාජීකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විවිධ අවශ්‍යතා සපුුරාලිමට ලාෆ්ස් සුභ සාධක සංගමය ඔස්සේ සුවිශේෂී ව්‍යාපෘති සෑම වසරකම ක්‍රියාත්මක වෙයි.

අරමුදල් රැස්කරනු සඳහා සංවිධානය කල නෙළුම් පොකුණ රඟහලේදී පැවැති ස්වර්ණ දැහැන සංගීත සන්ධ්‍යාව මෙන්ම ලාෆ්ස් ශිෂ්‍යත්ව වැඩසටහන ඔස්සේ සමාගමේ සේවය කරන අඩු ආදායම්ලාභි පවුල්වල දරු දැරියන්ට නොමිලේ පොත් බෙදාදීම ද මෙයට අයත් වේ.