Logo

අපේ සාරධර්ම

අපගේ වටිනාකම් අපගේ මග පෙන්වන්නන් මූලධර්ම වේ. ඔවුන් අපේ ව්යාපාර තීරණ මග පෙන්වීමට හා අපේ සංස්කෘතිය හා හැඩගස්වා කිරීම සඳහා ශක්තිමත් රාමුවක් සපයයි.

පාරිභෝගික කේන්ද්‍රීයබව

ලාෆ්ස්හි අප සැමවිටම අපගේ පාරිභෝගිකයන් පිලිබඳව මහත් ලැදියාවකින් කටයුතු කරන්නෙමු ඔවුන්ගේ අවශ්‍ය‍තාවයන් නිරතුරුවම හඳුනා ගනිමින් සහ නිසි ප්‍රතිචාර දක්වමින් මනා සබැඳියාවකින් දිගුකල් පවත්නා විශ්වාසනීය බැඳීමක් ගොඩනගා ගැනීමට අප කැපවී සිටිමු.

නවෝත්පාදීබව

නවෝත්පාදීබව අප සංස්කෘතිය තුල දැඩිව ගැබ්ව ඇති අංගයකි. අප සෑමවිටම නව අදහස් අගයමින් නව්‍යකරනය හා මුසුවූ ප්‍රගතිශීලී දැක්මන් සහ ප්‍රවේශයන් සඳහා යොමු වෙමින් අපගේ ව‍්‍යාපාරයෙහි ප්‍රගමනය උදෙසා කටයුතු ගන්නෙමු.

අවංකභාවය

අපගේ සියළු කාර්යයන් දැඩි වගකීමකින් යුක්තව, අවංකව, සාධාරණව සහ නිසි ආචාර ධර්ම පද්ධතියකට අනිකූලව කි‍රයාත්මක කරමින්ල සියලු අභ්‍යන්තර සහා බාහිර පාර්ශවයන් විසින් අප තුල තබා ඇති විශ්වාසය නොසැලී රැකීමට අප නිරතුරුවම බැඳී සිටිමු.

කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම

අපි අපගේ සමාජිකයන් සහ ඔවුන්ගේ අදහස් වල වූ විවිධත්වයන් අගයමින්. එකිනෙකාට ගරු කිරීම, සාධාරණත්වය, සහයෝගිතාවය වැනි ගුණාංග සහිත රැකියා පරිසරයක් බිහිකිරීමට කැපවී සිටිමු. අපි එකම පවුලක සාමාජිකයන් ලෙස කටයුතු කරමින් සාමූහිකත්වය, සබැඳියාව සහ අහිමානය එක්ව සමරන්නෙමු.

වගකීමකින් යුතු ආයතනික පුරවැසියෙක් වීම

ලාෆ්ස් සමාගමේ අපි අපගේ ආයතනයට සම්බන්ධ සියළුම පාර්ශවයන්ගේ යහපැවැත්ම පිළිබඳව විශේෂයෙන් සැළකිලිමත් වෙමින් අපගේ ව්‍යාපාර කටයුතු දැඩි වගකීමකින් සහ මනා ආචාර්ය ධර්ම පද්ධතීන්ට අනුකූලව කි‍රයාත්මක කරන්නෙමු. අපගේ ව්‍යාපාරයෙහි තිරසාර පැවැත්ම ඔස්සේ අපගේ පරිසරය සහ අනෙකුත් සියලුම පාර්ශවයන් වෙනුවෙන් ධනාත්මක ප්‍රතිලාභයන් නිර්මාණය කිරීමට අප කැපවී සිටිමු.

gradient