Logo

වැදගත් සන්ධිස්ථාන

2015

2014

2013

2012

2010

2009

2008

2007

2006

2005

2004

2002

2001

2000

1995

milestone image

ලාෆ්ස් මැරිටයිම් සමාගම Gas Success නම් තම දෙවන LPG ප්‍රවාහන නෞකාව අත්පත් කරගනියි . බංගලාදේශයේ ප්‍රමුඛතම LPG බලශක්ති සමාගමක් අත්පත්කර ගැනීමෙන් ලාෆ්ස් බහුජාතික තලයට පිවිසි ශ්‍රී ලංකාවේ ප්‍රථම බලශක්ති නාමය බවට පත්විය..

ලාෆ්ස් ගෑස් සමාගම SLIM NASCO සහ SLCBCC Business Star සම්මාන උළෙලන්හී දී රන් සම්මානයෙන් පිදුම් ලබයි.

milestone image

ලාෆ්ස් සමාගම හෝටල් සහ සංචාරක ක්‍ෂේත‍්‍රයට පිවිසෙමින් හලාවත Anantaya Resort & Spa හි මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි. ලාෆ්ස් මැරිටයිම් සමාගම LPG ප්‍රවාහනය සඳහා MT Gas Challenger නම් නෞකාව අත්පත් කරගනියි.

ලාෆ්ස් පවර් සමාගම තම ප්‍රථම හයිඩ්‍රෝ බලශක්ති ඒකකය බලංගොඩදී අරඹයි.

දේපොළ සහ ඉඩම් වෙළෙඳාම් අංශයට තවදුරටත් ව්‍යාප්ත වෙමින් ලාෆ්ස් සමාගමේ ප්‍රථම සුඛෝපභෝගි වානිජ ගොඩනැගිල්ල මායා ඇවනිව් පෙදෙසේ ඉඳිකරයි.

ලාෆ්ස් ගෑස් CA Annual Report සම්මාන උළෙලේ දී රන් සම්මානයෙන් ද Vision Awards 2014 ජාත්‍යන්තර සම්මාන උළෙලේදී ප්ලැටිනම් සම්මානයෙන්ද පිදුම් ලබයි. එමෙන්ම National Business Excellence සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවනි වරටත් රන් සම්මාන ලබා ගෙන Best Corporate Citizen - Sustainability සම්මාන උළෙලේහිද පිදුම් ලැබීය.

milestone image

ලාෆ්ස් ගෑස් National Business Excellence සම්මාන උළෙලේදී සහ CA Annual Reports 2013 හීදී රන් සම්මානයෙන් පිදුම් ලබයි.

ලාෆ්ස් සමූහ තොරතුරු තාක්ෂණ අංශය National Best Quality ICT සම්මාන ‍ප්‍රධානයේදී රන් සම්මානයෙන් පිදුම් ලබයි.

milestone image

වසරේ විශිෂ්ඨතම ව්‍යවසායකයා ලෙස Asia Pacific Entrepreneurship සම්මාන ප්‍රධානෝත්සවයේ දී වෑගපිටිය මහතා පිදුම් ලබයි.

ලාෆ්ස් සුපර් මාර්කට් වසරේ සුපිරි වෙළෙඳසැල් සම්මානය උදෙසා ඇති ARC සම්මානයෙන් ද වසරේ නවෝත්පාදී සිල්ලර වෙළෙඳ සංකල්පයට හිමි Asian Leadership සම්මානයෙන් ද පිදුම් ලබයි.

ජාතික තත්ව සම්මානයෙන් ලාෆ්ස් ගෑස් පිදුම් ලබයි.

milestone image

මුලික කොටස් නිකතුවක් සිදුකිරීම ඔස්සේ ලාෆ්ස් ගෑස් පොදු සමාගමක් බවට පත්වෙයි.

ව්‍යාපාර සමූහයේ පාරිභෝගික භාණ්ඩ පෙලට සන්අප් සන්නාමය සහිත තේ නිෂ්පාදන එක්වෙයි.

අති විශිෂ්ඨ කාර්යසාධනය උදෙසා වෑගපිටිය මහතා තරුණ ලාංකීය ව්‍යවසායකයින්ගේ මණ්ඩලයෙන් සම්මාන ලබයි.

milestone image

විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාර අංශයෙන් ලාෆ්ස් National Business Excellence සම්මාන උළෙලේදී පිදුම්ලත් අතර LMD සඟරාව මඟින් Most Respected Business for Nation Mindedness ලෙසද නම් කරන ලදි.

Business and Media World "50" සම්මාන ප්‍රධානෝත්සවයේදී National Business Enterprises Productivity Excellence සම්මානයෙන් වෑගපිටිය මහතා පිදුම් ලබයි.

milestone image

ශ්‍රී ලංකාවේ ප්‍රථම වාහන දුම් පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථානය ගම්පහදී ලාෆ්ස් ඉකෝ ශ්‍රී විවෘත කරයි.

ලාෆ්ස් කෝපරේෂන් (රබර්) සමාගම ඝන ටයර් නිෂ්පාදනය හොරණ කර්මාන්ත ශාලාවේදී ආරම්භ කිරයි.

ලාෆ්ස් ලූබ්රිකන්ට්ස් සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රථම දේශිීය ලිහිසි තෙල් සන්නාම නාමය වන ලාෆ්ස් ඔයිල් (LAUGFS Oil) හඳුන්වා දෙයි.

ලාෆ්ස් කෝපරේෂන් (රබර්) ඉකෝ ශ්‍රී , ලාෆ්ස් සෝල්ට් ඇන්ඞ් කෙමිකල්ස් සමාගම් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල අනුමැතිය ලබයි.

milestone image

ව්‍යවසායකත්ව විශිෂ්ඨත්වය උදෙසා සභාපති වෑගපිටිය මහතා Asian Grid Leadership සම්මානයෙන් පිදුම් ලබයි.

ලාෆ්ස් සංචාරක සහ දේපොළ වෙළෙඳාම් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල අනුමැතිය ලබයි.

milestone image

ජේඞ් අවන්හල් ජාලය විවෘත කරයි.

සභාපති වෑගපිටිය මහතා ශ්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය විසින් පිරිනමන වසරේ ව්‍යවසායකයා ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලබයි.

milestone image

ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති වෑගපිටිය මහතා ශ්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය විසින් පිරිනමන වසරේ ව්‍යවසායකයා රන් සම්මානයෙන් පිදුම් ලබයි.

milestone image

ලාෆ්ස් ප්‍රෙට්ට්‍රෝලියම් විසින් ඛනිජ තෙල් වෙළෙඳාමට පිවිසෙයි.

milestone image

ප්‍රථම LPG නෞකාව වන ලාෆ්ස් වේගා ශ්‍රී ලාංකීය ධජය යටතේ ලියාපදිංචි කරයි.

milestone image

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘතියක් ලෙස ලාෆ්ස් සමාගම දේශීය LPG කර්මාන්තයට පිවිසෙයි.

ලාෆ්ස් ඉංජිනියරින් LPG ගබඩා කළ හැකි ඉහළ ධාරිතාවයකින් යුක්ත ටැංකි අන්තර්ජාතික සහතිකලත් ප්‍රමිතීන්ට අනුව ඉඳිකිරීමේ මෙහෙයුම් කටයුතු අරඹයි.

milestone image

ලාෆ්ස් විසින් පැය 24 පුරාම විවෘත ශ්‍රී ලංකාවේ ප්‍රථම සුපිරි වෙළෙඳසැල හැව්ලොක් ටවුන් පෙදෙසේ ආරම්භ කරයි.

milestone image

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට පුරෝගාමී Auto Gas ඉන්ධන පරිවර්තන වැඩපොළ සහ පිරවුම්හල වත්තලදී මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි.